කොස්ගම, සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විනාශයට පත්වූ නිවාස 118ක අලුත්වැඩියා කටයුතු ඊයේ (12දා) වන විට නිම කළ බව යුද හමුදාව නිවේදනය කරයි.
එසේම ජල බවුසර් පහක් යොදා ගනිමින් ජනාතාවට අවශ්‍ය පානීය ජල අවශතාව සම්පූර්ණ කරන බව පෙන්වාදෙන යුද හමුදාව තම කාර්යය සඳහා නාවික, ගුවන්, පොලීසිය හා විශේෂ කාර්ය බළකායත් රාජ්‍ය ආයතනත් අවශ්‍ය සහයෝගය දක්වන බවද කියයි.