(VIDEO) ලබන පාසල් වර්ෂය සඳහා දරුවන්ට පාසල් නිල ඇඳුම් රෙදි දිවයිනේ ඕනෑම වෙළෙඳ සැලකින් ලබාගත හැකිවන පරිදි මුදල් වවුචර් පත් දෙසැම්බර් මස 05 වැනි දිනට ප්‍රථම ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19දා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. වවුචර් පත් ලබාදීමේදී 1-5 ශ්‍රේණි, 6-10 ශ්‍රේණි සහ 11-13 ශ්‍රේණි සඳහා වර්ග කර ලබාදීමට තීරණය කර තිබේ.
එමෙන්ම කමිස රෙදි, කලිසම් රෙදි, ගවුම් රෙදි සහ ළමා සාරි සඳහා මෙන්ම සිවුරු සඳහාද රෙදි මිලදී ගැනීම සඳහා වෙන වෙනම වවුචර් පත් නිකුත් කරන බවත්, එහිදී ඇතැම් සිසුන්ට වවුචර් පත් දෙකක් ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසීය. පාසල් නිල ඇඳුම් සඳහා උසස් රෙදි වර්ග දිවයිනේ ඕනෑම වෙළෙඳ සැලකින් ලබාගැනීමේ හැකියාව මෙමගින් දරුවන්ට ලැබෙන අතර, මෙම මුදල් වෙනත් කිසිදු රෙදි වර්ගයක් මිලදී ගැනීමට යෙදවිය නොහැකි බවද අකිල විරාජ් මහතා ප්‍රකාශ කළේය.
අදාළ වවුචර් පත් තම පාසලේ පන්ති භාර ගුරුවරුන් හරහා නිකුත් කරන අතර, රෙදි මිලදී ගැනීමෙන් පසු සෑම සිසුවෙකුම තම මිලදී ගැනීමට අදාළ රිසිට් පත් පාසලට ලබාදිය යුතු වේ.වවුචර් සඳහා රෙදි ලබාදෙන වෙළෙඳ සැල් හිමියන්ට තම වවුචර් ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට ඉදිරිපත් කිරීමෙන් ඒවා මුදල් බවට පත් කරගත හැකි බවද අමාත්‍යවරයා කීය.
VIDEO