නිල්වලා ගංඟාවේ ඉහළ ප්‍රදේශයට ලැබුණු වර්ෂා ජලය පහළට ගමන් කිරීම හේතුවෙන් එහි ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකර ඇති ගංවතුර ආරක්ෂිත බැමි මට්ටම දක්වාම ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.
තවදුරටත් ගංවතුර වැඩිවුවහොත් ආරක්ෂිත බැමි ඉක්මවා ජලය ගමන් කිරීමෙන් මාතර නිල්වලා ගඟ අවට පදිංචි කරුවන් වහාම ආරක්ෂිත් ස්ථාන වෙත ගමන් කරන ලෙස රජය ඉල්ලා සිටියි.