වැට් සංශෝධන පනතට සාධනීය සංශෝධන ගෙන එන බව පවසමින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් නැවත ජනතාව රැවටීමට උත්සහ කරන බවත් ඒකාබද්ධ විපක්ෂය වැට් පනතට කිසිදු සහයක් ලබා නොදෙන බවත් එක්බද්ධ විපක්ෂයේ මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පැවැසීය.
උඩුගම්පල අද (09දා) පැවති කි්රයාකාරී හමුවකදී ඔහුමේ බව සදහන් කලේය.
“කණගාටුදායක තත්වය තමයි රනිල් සමග ඉන්න නිල් අලි පැටව් මේ ආණ්ඩුව රැක ගැනීමට රෙදි නැතුව කඩේ යාම. ආණ්ඩුවට සහාය දෙන ශී්ර ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට අපි කියන්නේ තව දුරටත් ජනතාව රවටන්නේ නැතිව ඉන් ඉවත්වන ලෙසයි.
වැට් පනතට සාධනීය සංශෝධන ගෙන එන බවට මේ නිල් අලි පැටවුන් කරන ප්රකාශ ජනතාව රැවටීමක්. මේ අය කටයුතු කරන්නේ තමන්ගේ වරප්රසාධ වරධාන රැකගන්න මිසක් ජනතාවට සේවය කරන්න නෙමෙයි.”