නිල සංචාර සඳහා මහ බැංකු අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලයේ වියදම් අවමකර ගැනීමක් මිස අයථා ලෙස වියදම් වැඩි කරලීමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකු අධිපතිවරයා විසින් සිය පෞද්ගලික කටයුතු සඳහා මහජන මුදල් වැයකර ඇති බවට නැඟුණු චෝදනාවට හා ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවන්ට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ පවසයි.
එහිදී, මහ බැංකු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මහ බැංකු අධිපතිවරයා හෝ මහ බැංකු කාර්ය මණ්ඩලය විසින් හෝ පෞද්ගලික වියදම් සඳහා එකදු සතයක් ලබාගෙන නොමැති බවයි. කිසිදු අයථා හෝ නීති විරෝධී ආකාරයකින් මහජන මුදල් වියදම් කිරීමක්ද සිදුකර නොමැති බවද මහ බැංකුව කියයි.