පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීම ජනවාරි 19 වැනිදා සිට සිදු කිරීමට සැලසුම් කර තිබෙන අතර විශේෂ බෙදාදීමේ දිනය ලෙස ජනවාරි 28 වැනිදා නම් කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපෑලට බාරදීම ජනවාරි 18 වැනිදා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
පෙබරවාරි 03 වැනිදා වනවිට නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීම නවතා දැමීමට සැලසුම් කර තිබෙන අතර, ඒවනවිටත් නිල ඡන්ද දැන්වීම් පත්රිකා නොලැබුණු පිරිස්වලට තැපැල් කාර්යාලවලට ගොස් දැන්වීම් පත්රිකා ලබාගැනීමට සිදුවන බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් කාර්යාලවලින් නිල ඡන්ද දැන්වීම් පත්රිකා ලබාගත හැකි වන්නේ ඡන්ද හිමියාට පමණක් බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදෙයි.