නිල කාලය දිගුවන පළාත් පාලන ආයතන
හෙටින් (31දා) නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 23 ක නිල කාලය ජුනි 30 වැනි දින දක්වා දීර්ඝ කරමින් පළාත් සභා හා පළාත් පාලන ආයතන අද (30දා) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව,
කොළඹ මහ නගර සභාව, දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව, ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, කොළොන්නාව නගර සභාව, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්රාදේශීය සභාව, ගම්පහ මහ නගර සභාව, මීගමුව මහ නගර සභාව, කුරුණෑගල මහ නගර සභාව, මහනුවර මහ නගර සභාව, කුණ්ඩසාලේ ප්රාදේශීය සභාව, කඩවත්සතර සහ ගඟවටකෝරලේ ප්රාදේශීය සභාව, මාතලේ මහ නගර සභාව, නුවරඑළිය මහ නගර සභාව, බදුල්ල මහ නගර සභාව, ගාල්ල මහ නගර සභාව, මාතර මහ නගර සභාව, හම්බන්තොට මහ නගර සභාව, හම්බන්තොට ප්රාදේශීය සභාව, සූරියවැව ප්රාදේශීය සභාව, රත්නපුර මහ නගර සභාව, අනුරාධපුර මහ නගර සභාව, කල්මුණේ මහ නගර සභාව
යන පළාත් පාලන ආයතනවල නිල කාලය ජුනි 30 වැනිදා දක්වා දීර්ඝ වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
