පාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකොට, ඒ වෙනුවට රෙදි ලබා දීම හෝ වෙනත් මැදිහත් වීම් සිදුකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
මේ පිළිබඳව මාධ්‍ය විසින් දිගින් දිගටම කරුණු වාර්තා කිරීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
විදුහල්පතිවරුන් විසින් නිල ඇඳුම් වවුචරය හරහා දරුවන්ට නිදහසේ තමා කැමති වෙළඳ සැලකින් මිල දී ගැනීම් සඳහා අවස්ථාව සලසා දිම කළ යතු බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
ව්‍යාපාරික ආයතන ප්‍රවර්ධනය කිරීම, මිල දී ගැනීම සඳහා දරුවන් පෙළඹවීම වැනි කටයුතු සිදුකිරීම සඳහා විදුහල්පතිවරුන්ට කිසිදු බලයක් නොමැති බවත් එවැනි කටයුතු වල නිරත වන විදුහල්පතිවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.