පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට තිළිණ පත් (වවුචර) ලබාදීම ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. 2015 වර්ෂයේ දෙසැම්බර් පාසල් වාර අවසානයේදී ප්‍රථමවරට ක්‍රියාත්මක කරන ලද තිළිණ පත් ලබාදීම සාර්ථක වීම හේතුවෙන් එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පසුගිය වසරේ අත්දැකීම් මත පදනම්ව අඩුපාඩු අවම කරගනිමින් වෙළෙඳ පොළේ රෙදිවල මිළ ගණන් වැඩිවීමට සාපේක්ෂවඅමතර අගයක් තිළිණ පතට එකතු කර රජයේ හා රජයේ ආධාර ලබන පාසල් වල ඉගෙනුම ලබන සිසුන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සහ ගිහි සිසුන්ට තිළිණ පත් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.