2016 වසර සඳහා පාසල් දරුවන්ට නිල ඇඳුම් වෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හදුන්වාදුන් තිළිණපත් (වවුචර්) ක්රමයේ අදාළ තිළිණපත්වලින් (වවුචරපත්) නිල ඇඳුම් රෙදි ලබාගැනීම සඳහා තවත් මසකින් කාලය දිගු කිරීමට අමාත්‍යංශය කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් තිළිණපත්වලට (වවුචර්පත්වලට) මුදල් ගෙවීම් සිදුකරන මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ කළමනාකරුවන් දැනුවත්කර අවසන් බවත් ඒ අනුව වලංගු කාලය 2016-02-28 දක්වා බලපැවැත්වන බවත් අමාත්‍යංශය සදහන්කරයි.