ලබන වසරේදී පාසල් දරු දැරියන්ට නිල ඇඳුම් රෙදි බෙදාදීමට අදාළ රෙදි ලබාගැනීමට ටෙන්ඩර් කැඳවීම සිදුකරන ලෙස ගුරු විදුහල්පති එකමුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටි.
ලබන වසරේ නිල ඇඳුම් රෙදි ලබාදීමට මේ මාසය තුළ ටෙන්ඩර් කැඳවීම සිදුකළ යුතු බවත්, මේ නිසා මෙම කටයුත්ත සිදුකරන ලෙසට ඉල්ලීමක් කළ බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් පත් ලබාදීමට මේ වසරේදී කටයුතු කළ නිසා එම කටයුත්ත අවුල් ජාලාවක් බවට පත්වූ බවත්, මේ නිසා ලබන වසරේදී වවුචර්පත් ලබාදුනහොත් එය ශිෂ්‍යයන්ට බෙදාහරීම සිදුනොකරන බවද ඔහු පවසා සිටියේය.