නියෝජ්‍ය කතානායක ධුරය සඳහා කවරෙකු පත්කරන්නේද යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙතෙක් පාර්ලිමේන්තුවට දැනුම්දී නොමැති බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට අද (09දා) ප්‍රකාශ කළේය.
එබැවින් නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් තිලංග සුමතිපාල මහතා සිය අස්වීමේ ලිපිය ලබාදුන් බවත් කරු ජයසුරිය මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා යොමුකළ රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය.