නියමිත ඉසෙඩ් අගය නොමැතිව සිසුන් ඇතුලත්කර නොගත යුතුයි - අමුණුගම
නියමිත ඉසෙඩ් අගය නොමැතිව විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් කර නොගත යුතු යැයි උසස් අධ්‍යාපන හා පර්යේෂණ ඇමති ආචාර්ය අමුණුගම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ අද (19දා) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු පීඨාධිපතිවරු සමග පැවති සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පී. රණේපුර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මොහාන් ද සිල්වා, එම කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය පී. එස්. එම්. ගුණරත්න, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුබණ්ඩාර, එම විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් වන මහාචාර්ය ඩී.ඒ. සේමසිංහ, මහාචාර්ය එල් සෙනෙවිරත්න, මහාචාර්ය කපිල සෙනෙවිරත්න, මහාචාර්ය කුලසේන විදානගමගේ, මහාචාර්ය එම්. එච්. අබේරත්න, මහාචාර්ය නිලන්ති ද සිල්වා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
