දිගු කලකට පසුව පැවති නියං තත්ත්වය නිමා කරමින් ඊයේ (06දා) සවස් කාලයේ කිලිනොච්චිය ඇතුළු උතුරේ ස්ථාන කිහියකට තද වැසි වැටුණි.
කිලිනොච්චිය ස්කන්ධපුරම්, අක්කරායන් කුලම් ආදි ප්රදේශයන් වෙතට දැඩි වර්ෂාපතනයක් පතිත වී තිබේ.
මෙම වර්ෂාව ඉදිරියේදීත් පවතින්නේ නම් මෙවර යල් කන්නය ගොවිතැන් කිරීමට හැකි බව කිලිනොච්චියේ ගොවීහු පවසති.