ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කරන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනා කර ඇති බවට වාර්තා වෙන බවත් ඔහුව එම තනතුරට පත් නොකරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සමස්ත ලංකා යතුරුපැදිකරුවන් ඉල්ලා ඇත. ඔවුන් අද (15දා) මේ බව සඳහන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක්ද යොමුකර ඇත.