අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කර, ඒ සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් නිර්මාණය කරගන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ (04දා) ප්‍රකාශ කළේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතාට අගමැති තනතුර දැරීම සඳහා සුදුසුකම් ඇති බවත්, එසේ නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ විපක්ෂනායක කාර්යාලේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළවිය.
දැනට යෝජිත 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයක් නොලැබේ නම් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාතීරණයකට එළැඹ ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව ඉටු කළයුතු බවද ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව සන්ධාන ආණ්ඩුවක් බිහිකර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ ගන්නේ නම් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය ලබාදෙන බවත් නානායක්කාර මහතා පවසා සිටියේය.
දැනට රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අප්‍රසාදය පළ වී ඇති බැවින් ප්‍රසාදයට ලක් වූ අයෙකුට අගමැති ධුරය පිරිනැමීමට ජනාධිපතිවරයා තීන්දුවක් ගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.