ගිරාඳුරුකෝට්ට, දෙමටන්ඇල්ල, ගල්පෝරුයාය ගම්මානයේ ඉඩමක නිධන් හාරමින් සිටි බව පැවසෙන පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ට පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙල්දෙණිය, සෙවණගල, කෙන්ගල්ල, මොනරාගල, ලුණුගල හා ගිරාඳුරුකෝට්ට යන ප්රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
සැකකරුවන් අතර යුද හමුදා සෙබළුන් තිදෙනෙකුද සිටින බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් කටයුතු සඳහා යොදාගත් බව පැවසෙන උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
බදුල්ල පොලිස් අධිකාරී ධම්මික වීරසේකර හා සහකාර පොලිස් අධිකාරී උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත ගිරාඳුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සමන් අංගම්මන මහතා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.