පොළොන්නරුව මින්නේරිය 17 ½ ප්රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකරන ලදැයි කියන තිදෙනෙකු ඊයේ (01දා) පස්වරුවේ මින්නේරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මින්නේරිය, අම්පිටිය හා නුවර යන ප්ර‘දේශවල පුද්ගලයන් බවත්, නිදන් හෑරීමට යොදාගත් ආයුධ හා බැකෝ යන්ත්රයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හා අදාළ භාණ්ඩ හා අද (02දා) හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.