මෙවර රාජ්‍ය නිදහස් උත්සවය නිදහසේ හදගැස්ම යන මාතෘකාව යටතේ ගාලු මුවදොර පිටියේදී පවත්වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ආරක්ෂක මුර කපොලු වලින් තොරව ජනතාවට නිදහසේ නිදහස් උත්සවය නැරඹීම සඳහා අවස්ථාව උදාකරන බවයි.
නිදහස් දින උදෑසන ආරක්ෂක පෙළපාළියද සවස සංස්කෘතික අංගද ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු පැවැසීය.