නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඕනෑ - ජනපතිට තුන්වරක් බෑ
එජාපය හා ජවිපෙ අද මැතිවරණ කොමසාරිස් හමුවට
ඉදිරි ජාතික මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්, නීතිවිරෝධී ආකාරයෙන් තුත්වැනි වරටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා අද (23දා) ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමට නියමිතය.
මෙහිදී නීතිවිරෝධී ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වරට මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වන ලෙස ඉල්ලා සහ ඉදිරියේ පැවැත්වෙන ජාතික මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
මැතිවරණයක් ප්‍රකාශයට පත්නොකර තිබියදීත් රාජ්‍ය සම්පත් යොදාගෙන ආණ්ඩුවේ මැතිවරණ ප්රචාරක කටයුතුවලට අවශ්‍ය වටපිටාව සකස් කරමින් තිබෙන නිසා එය වළක්වන ලෙස සහ ආණ්ඩුව විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගෙන යන මඩ ව්‍යාපාරය නවතා දමන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිස අද (23දා) උදේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත අතර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිස ඔවුන්ගේ පැමිණිල්ල අද දහවල් කාලයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

