නිදහස් සෞඛ්‍යය රකින පොරොන්දුව එලෙසම ඉටුකළා- ජනපති
නිදහස් සෞඛ්‍ය සේවයේ අයිතිය රකින බවට දුන් මහින්ද චින්තන පොරොන්දුව අද ඒ ආකාරයෙන්ම ඉටුකර තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.සෞඛ්‍ය සේවයේ නව වෘත්තිකයන් 10,400 දෙනෙකු පුහුණුවට හා සේවයට බඳවාගැනීමේ පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයට පැමිණි ජනාධිපතිවරයා ඊයේ (17දා) ඒ බව පැවසීය.
"ගුණාත්මක සේවාවක් ලබාදිය හැකි ආකාරයට වෘත්තීයභාවය රැකදීමට අපි කටයුතු කර තිබෙනවා. අද වෙනකොට හෙද සේවයේ පමණක් 36,000 ක් ඉන්නවා. අපි 2005 දී මේ රජය භාරගන්නකොට මුළු හෙද සේවයේම හිටියේ හෙදහෙදියන් 14000 ක්. ගෙවීගිය වසර 7 ට පමණක් දෙගුණයකටත් වඩා වැඩි පිරිසක් හෙද සේවාවට පමණක් බඳවාගත්තා. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ අයිතිය රකින බවට අපි මහින්ද චින්තනයෙන් ජනතාවට පොරොන්දු වුණා. අද එය ඒ ආකාරයෙන්ම ඉටුකර තිබෙනවා" යැයි ජනාධිපතිවරයා පැවසුවේය.
එසේම 2005 වර්ෂයේදී නිදහස් සෞඛ්‍යයට අයවැයෙන් වෙන්කළේ රුපියල් බිලියන 38 ක් බවත්, එය රුපියල් බිලියන 155 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවත් පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ, පත්වීම් ලබන අයගේ මාසික වැටුප් ගෙවීම සඳහා විශාල මුදලක් වැය වුවද එය රජයට දැරිය හැකි බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

