පසුගිය දසවසර තුළ මාධ්‍යයට විවිධ තර්ජන ඇතිවූ බවත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය රැසකට විවිධ තර්ජන එල්ල වූ අතර, වැඩිම බලපෑම එල්ල වූයේ මුද්‍රිත මාධ්‍යයට බවද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වී වසර 30 ක් ගතවන අවස්ථාවේ නිදහස් මාධ්‍ය සඳහා වූ සම්මාන උලෙළක් වාර්ෂිකව පැවැත්වීමට අදහස් කළ බවද අගමැතිවරයා පැවසීය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (29දා) පැවැති එස්මන්ඩ් වික්‍රමසිංහ සම්මාන උලෙළේදී ඒ මහතා මේ බව කීය.
ඒ අනුව 2015 වර්ෂයේ නිදහස් මාධ්‍ය සඳහා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ සම්මානය උදයන් පුවත්පත් ආයතනය විසින් හිමිකරගන්නා ලදී.
මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළුමැති ඇමතිවරුන්සහ මාධ්‍ය ක්ෂේත්රය නියෝජනය කරන පිරිස් සහභාගී වූහ.
ඡයා - ප්‍රදීප් පතිරණ