සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්රහණයේ පසුවෙන් ඒරීස් 13 නෞකාවේ සමස්ථ ශ්රී ලංකා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි පියවර ගැනීම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා නාවික හමුදාපතිවරයාට උපදෙස් දී ඇත.
එසේම බහරේන්හි පිහිටා තිබෙන ඒකාබද්ධ නාවික හමුදා බළකාය ශ්රි ලංකා රජය වෙනුවෙන් සෝමලියාවේ මුහුදු ආරක්ෂක පොලීසිය හා සම්බන්ධ වෙමින් සිටියි.