වයස අවුරුදු 3 සිට 5 අතර ළමයින් සඳහා නැවුම් කිරි වීදුරුවක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බවත් ඒ සඳහා 2013 අයවැයෙන් රු.මිලියන 240ක මුදලක් වෙන්කර ඇති බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (05දා) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
ඒ අනුව, නැවුම් කිරි වීදුරුවක් ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ළමුන් සංඛ්‍යාව 226,494ක් බවත්, එක් ළමයෙකුට කිරි වීදුරුවක් ලබාදීම සඳහා මසකට වැය වන මුදල රු.180/- ක් බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.