එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතා නායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම පනත් කෙටුම්පතට ප්‍රමාණවත් කරුණු ඇතුළත්ව නැති හෙයින් එය පාර්ලිමේන්තුවට වලංගු නැති බව එහි සදහන්ව ඇතැයි කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ නැවත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.