උතුරේ හා නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටින පවුල් 2175ක් වෙනුවෙන් ඔවුන්ට තම නිවායන්හි පදිංචිවීම සඳහා එක් පවුලකට රුපියල් 38,000ක දමනාවක් ලබාදීමට නැවතපදිංචි කිරීමේ, පුනරුත්තාපන හා හින්දු කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් උපුටා දක්වමින් හින්දු පුවත් සේවය කියයි.
මේ රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 160කි. රුපියල් 38,000 ක මුදලින් රුපියල් 25,000 නැවත පදිංචිය සඳහාත්, රුපියල් 13,000ක් ඉඩම් පිරිසිදු කිරීමට හා උපකරණ මිලදී ගැනීම වෙනුවෙනුත් ලබාදීමට නියමිතය.