නැවත ජනාධිපති සටනට ඉඩ නෑ - බුර්කිනා ෆාසෝ ජනපති ධුරයෙන් ඉවතට
වසර 27ක තම ජනපති ධුර කාලය තවත් වැඩි කරගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇති වූ ජනතා උද්ඝෝෂණ හමුවේ බුර්කිනා ෆාසෝ ජනාධිපති බ්ලෙයාසේ කොම්පැඕරේ තම ධුරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
තම නිවේදනයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපති කොම්පැඕරේ කියා සිටියේ දැන් ජනපති ධුරය වෙනුවෙන් පුරප්පාඩුවක් ඇති බවය.
මේ අතර බුර්කිනා ෆාසෝ හමුදා ප්‍රධානී හොනෝරේ ට්‍රඕරේ එරට පාලනය භාරගෙන තිබේ.
මෙසේ රටේ පාලනයෙන් හිටපු ජනාධිපතිවරයා ඉවත්වීමත් සමග එරට අගනුවර වන ඔවාගාඩොව්ගොව් හි ජනතාව වීදි බැස ඔල්වරසන් නගන බව වාර්තා වෙයි.
වසර 27ක කාලයක් බුර්කිනා ෆාසෝ හි ජනපති ධුරය හොබවා ඇති ඔහු ව්‍යවස්ථා සංශෝධනයකින් තම ධුර කාලය වැඩිකිරීමට උත්සාහ කිරීමේදී ජනතාව කුපිත වී පසුගියදා එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තැබීය.
එහිදී, ජනතා උද්ඝෝෂණවලට එරට හමුදාවගේද සහාය ලැබී ඇති බව කියවුණු අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ බටහිර අප්‍රිකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොහොමඩ් ඉබ්න් චම්බාස් අද බුර්කිනා ෆාසෝ වෙත ගමන් කරමින් එරට ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය සමනයකට පත් කිරීමට කටයුතු කරනු ඇති බව කියවුණි.
කෙසේ වෙතත්, ජනපති ධුරයෙන් ඉවත් වන ලෙසට දැඩි විරෝධතාවක් රට තුළින් පැන නැගුණත්, තමන් තාවකාලික රජයක් යටතේ වසරක කාලයක් බලයේ සිටින බව බුර්කිනා ෆාසෝ ජනපති බ්ලෙයාසේ කොම්පැඕරේ ඊයේ (30දා) පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

