ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික හා ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියකියවිලි ආපදාවන්ට ලක්වූ ජනතාවට නොමිලේ එම ලියකියවිලි යළි ලබාදීමට කටයුතු කරන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සියලුම දිසාපතිවරුන්ගෙන් අද (26දා) ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැත්වෙන දිසාපති සමුළුවට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
ඒ අනුව ජාතික හැඳුනුම්පත් සඳහා අවශ්‍ය ඡායාරූප සහ මුද්දර නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසන ලෙසත්, උප්පැන්නවලට අවශ්‍ය මුද්දර නොමිලේ ලබාදෙන ලෙසත් අමත්‍යවරයා ඉල්ලා සිටියේය.
ඊට අමතරව ආපදාවන්ට ලක්වූ ග්‍රාම නිලධාරීන් හා ප්‍රා‘දේශීය ලේකම්වරුන්ට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූයේ නම් එම දින නිවාඩු ලෙස නොසලකා රාජකාරි දින ලෙස සලකන ලෙසත් හෙතෙම පවසා සිටියේය.
සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, විශේෂයෙන් ආපදාවන්ට ලක්වූ කොළඹ, ගම්පහ, කෑගල්ල, පුත්තලම, කිලිනොච්චිය හා මහනුවර දිස්ත්‍රික්කවල දිසාපතිවරු එම දිස්ත්‍රික්කවල වත්මන් ප්‍රගතිය පැහැදිලි කළහ.