2014 වසරේ ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ වැඩසටහන ලෙස පසුගියදා ප්‍රංශයේදී ශ්‍රී ලංකාවේ නැණසල ව්‍යාපෘතිය වෙනුවෙන් ලැබුණු සම්මානය ජනාධිපතිවරයා වෙත පිරිනැමීම අද (21දා) අරලියගහ මැදුරේදී සිදුවිය.
ප්‍රංශයේ ලියෝන් නුවර පැවති ජාත්‍යන්තර පුස්තකාල විද්වතුන්ගේ සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමුණි.
ග්‍රාමීය ජනතාව හා වරප්‍රසාද අඩු පිරිස් නඟා සිටුවීම සඳහා නැණසල ව්‍යාපෘතිය තුළින් සිදු කෙරෙන මෙහෙයට අන්තර්ජාතික ප්‍රසාදය පළ කරමින් වොෂින්ටන් හි බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම විසින් මෙම සම්මානය ශ්‍රී ලංකාවට පිරිනමන ලදී.
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් එම සම්මානය ජනාධිපතිවරයා වෙත අද දිනයේ පිරිනැමීය.