නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදාවේ නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය රණවිරුවන්ගේ ජීවගුණය බිඳදැමීමේ වැඩපිළිවෙලේ තවත් එක් අවස්ථාවක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කවර දේශපාලඥයෙකු වේවා මෙවැනි ආකාරයට ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත කතානොකළ යුතු බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ වෙයි.
එසේම යාපනයේ හමුදා කඳවුරකට බලෙන ඇතුළුවීම ද්‍රවිඩ ජාතික සංධානය ගත් ක්‍රියාමාර්ගයට හා සමාන ක්‍රියාවක් ලෙස මෙය හැදින්විය හැකි බවත් මෙවැනි සිදුවීම් නැවත සිදුනොවීමට ආණ්ඩුව වග බලා ගත යුතු බවත් ඔහු පවසයි.
හිටපු ජනපතිගේ නිවේදනය