ත්‍රිකුණාමලයට කිලෝමිටර් 500 ක් පමණ දුරින් පිහිටි අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වි ඇති බැවින් නැගෙනහිර මුහුදු කලාපයේ ධීවර හෝ නාවික කටයුතුවල නිරතවිමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දේ.
ශ්‍රී ලංකාවට නැගෙනහිර උතුරු අක්ෂාංශ 8.7 ත් නැගෙනහිර දේශාංශ 86.6ත් කේන්ද්‍ර කර ගනිමින් පීඩන අවපාතයක් වර්ධනය වි ඇති අතර මේ හේතුවෙන් එම ප්‍රදේශවල තද සුළං සහ ගිගුරුම් සහති වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.