නාවික හමුදා නිලධාරියාට බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා කොනදේසිවිරහිතව සමාව ගත යුතු බව මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා කියයි.
කින්නියා හි පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම සිද්ධිය පිළිබඳව තමන් අගමැතිවරයා හා සාක්ච්ඡා කළ බවත් මුස්ලිම් ජනතාව ගැටුම්වලට පොළඹවා ගැනීමේ උත්සාහයක් පවතින බවත් ඔහු සඳහන් කළේය.
කලින් ජනපතිවරණයේදී ගෙදර යැවූ උදවියට නැවත බලයට පැමිණීමට ඉඩ ලබානොදිය යුතු බවත් මෙම උත්සවය අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.