නැගෙනහිර මහ ඇමති සහභාගිවන උත්සව වලට සහභාගි නොවීමට ත්‍රිවිධ හමුදාව ගත් තීරණය ඉවත් කරගත් බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
එසේම ඔහුට ත්‍රිවිධ හමුදා කඳවුරු තුළට ඇතුළුවීමට අවසර දෙන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවැසීය.
සාම්පූර් මහ විදුහලේ පැවැති උත්සවයකදී නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදීමේ සිද්ධියක් හේතුවෙන් නැගෙනහිර මහ ඇමිතිවරයා සහභාගිවන උත්සව වර්ජනය කිරීමටත්, ඔහුට හමුදා කඳවුරු තුළට ඇතුළුවීම තහනම් කිරීමටත් ත්‍රිවිධ හමුදාව මීට ඉහතදී තීරණය කළේය.
කෙසේ වෙතත් මෙම තීරණය පිළිබඳව විවේදන කරමින් නැගෙනහිර මහ ඇමතිවරයා ජනපතිට හා අගමැතිට ලිපි මගින් දැනුම් දුන් අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සමාව ගැනීමක් සිදු කළේය.