නැගෙනහිර පළාත තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා එම පළාතේ පළාත් පාලන ආයතනයකට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට පළාත් හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ අනුව ධුමායනය කටයුතු සිදුකිරීම හා කැළිකසළ විධිමත් ලෙස ඉවත් කිරීමට අදාළ අනෙකුත් වැඩකටයුතු සඳහා මෙම මුදල් යොදවා ගත හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව පළාත් පාලන ආයතන 45ක් සඳහා රුපියල් ලක්ෂ 450ක් වෙන්කර තිබේ.