දෙවැනි නැගෙනහිර පළාත් සභාවේ 2015 මුදල් වර්ෂය සඳහා වූ අයවැය මහඇමති නජීබ් අබ්දුල් මජීඩ් මහතා මුදල් ඇමති ලෙස අද (01දා) පළාත් සභාවට ඉදිරිපත් කරද්දී විපක්ෂයේ බාධාකිරීම් හේතුවෙන් මිනිත්තු 10 කට සභාව කල්තැබීමට සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියට සිදුවිය.
අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ සභා ගර්භයේ විපක්ෂ මන්ත්‍රීවරු 15 දෙනාගෙන් 13 දෙනෙකු සිටි අතර, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී 23 න් සභාපතිනිය හැර පැමිණ සිටියේ මන්ත්‍රීවරු අටදෙනෙකි. අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පළාත් ඇමතිවරුන් දෙදෙනා ඇතුළු මන්ත්‍රීවරුන් හතරදෙනා හා ස්වාධීනව කටයුතු කරන රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කෙංග්රසයේ මන්ත්‍රීවරුන් තිදෙනා නොසිටීම කැපී පෙනුණි.
තේ විවේකයට සභාව කල් තබා යළි රැස්වීමෙන් පසුව මුස්ලිම් කොංග්‍රසයේ ඇමතිවරුන් දෙදෙනා ඇතුළුව එම කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත්දෙනා සභාවට පැමිණියහ.
ස්වාධීනව කටයුතු කරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී එම්.එස්. සුබෙයිර් මහතා පමණක් සභාවට පැමිණ සිටිනු දක්නට ලැබුණි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා අමරජීව