ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය අතහැර ගිය නාවිකයන්ට නීත්‍යානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉවත් වීම සඳහා පොදු සමා කාලයක් ලබාදීමට නාවික හමුදාව කටයුතු කර තිබේ. පොදු සමා කාලය හෙට ( 01දා) සිට 2015 සැප්තැම්බර් මස 30 දක්වා ක්‍රියාත්මක වෙයි. ළඟම පිහිටි නාවික හමුදා කඳවුරට තම ජාතික හැදුනුම්පත, නාවික හැදුනුම්පත රැගෙන වාර්තා කළ යුතු බව නාවික හමුදාව නිවේදනය කරයි.
මේ පිළිබඳව වැඩි විස්තර දුරකථන අංක 011 2210000, 011 2212400, 011 2212430 හා 011 2212425 මගින් රජයේ වැඩ කරන දින වලදී පෙ.ව. 8.30 සිට පස්වරු 5.00 දක්වා ලබාගත හැකි බවත් නාවික හමුදාව නිවේදනය කරයි.