ඇවන්ට්ගාඩ් සමාගම විසින් සිදුකරනු ලැබූ සමෘද්දීය ආරක්ෂක අවි භාරයේ තබාගැනීමේ කටයුතු නාවික හමුදාව බාර ගැනීමෙන් පසු රුපියල් කෝටි 100ක ආදායමක් ඉපයීමට නාවික හමුදාව සමත්ව තිබේ.
2015 නොවැම්බර් 13දා නාවික හමුදාව නිල වශයෙන් මෙම කාර්යය ආරම්භ කළ අතර ඊයේ (06දා) වන විට ඔවුහු මෙම අදායම උපයා තිබේ.
මෙම සියලු මුදල් රජයේ ඒකාබද්ධ ගිණුමට බැර කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.