දකුණු වෙරළ තිරයේ නාවකි හමුදාව කළ මෙහෙයුමකින් පසුව කුඩු කිලෝ 101ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
බෝට්ටුවකින් කුඩු ප්රවාහනය කරමින් තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
විදේශිකයන් කිහිපදෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය මුහුදේදී අත්අඩංගුවට ගත් විශාලම කුඩු තොගයද වෙනවා.
මෙහෙයුම පෙරේදා (30දා) දියත් කොට තිබෙන්නේ නාවික හමුදාව හා පොලීසිය එක්වය.