ශ්රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සේනාධිනායක, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවිය.
නාවික හමුදාධිපතිතුමන් වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් සින්නයියා මහතා, ප්රථමයෙන්ම ජනාධිපතිවරයා බැහැ දැකීමට පියවර ගෙන ඇත.
ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් අභිනව නාවික හමුදාධිපති වෙත සිය සුභාසිංශන එක් කරන ලදී. මෙම පළමු නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සින්නයියා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්රධානය කෙරිණි.