නැගෙනහිර පළාත් මහඇමති අහමඩ් නසීර් ත්‍රිකුණාමලයේ පාසලක පැවති උත්සවයක් අතරතුර නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදීමේ සිදුවීම පිළිබඳ විධිමත් වාර්තාවක් අද (25දා) දිනයේදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වෙත ලබාදීමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්රාම් අලෙවි මහතා පැවසීය.
ත්‍රිකුණාමලය - සාම්පූර් මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක්ව සිටියදී මහ ඇමතිවරයා මෙලෙස නාවික හමුදා නිලධාරියෙකුට දැඩි ලෙස බැන වැදී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේදීය.