නාරාහේන්පිට පොලීසියේ හිටපු ස්ථානාධිපති උපුල් ධම්මක මහතා රුපියල් 15,000 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මහත නිදහස් කරනු ලැබීය. ඔහුට විදෙස් ගමන් තහනම් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිලපිටිය මහතා ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන්නැයි නියෝග කළේය. ලබන වසරේ අප්‍රේල් 01 දා නැවතත් නඩුව විභාගයට ගැනීමට නියමිතය.
ව්‍යාජ ලේඛන සකස්කිරීම සඳහා රුපියල් ලක්ෂ 25 අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.