ලූල්කඳුර නාරන්හින්න වතුයායේ මියගොස් සිටි දිවියෙකුගේ සිරුරක් අද (14දා) පෙරවරුවේ හමුවී ඇතැයි ගලහ පොලීසිය පවසයි.
එම ප්රදේශයේ දර කැපීමට ගිය පුද්ගලයෙකුට මෙම දිවියාගේ මළ සිරුර හමුවී ඇති අතර, පසුව ඒ පිළිබඳ ගලහ පොලීසියට දන්වා තිබේ.
පොලීසිය මැදිහත්වී අදාළ දිවියාගේ සිරුර වන ජීවී දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර, දිවියා මිය ගියේ කෙසේද යන්න සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වේ.
පසුගිය දිනවල මෙම ප්රදේශයේ නිවාසවල ඇතිකළ බල්ලන් අතුරුදහන් වීමක් පිළිබඳවද ප්රදේශවාසීහු ප්රකාශ කර සිටිති.
තලාතුඔය - අසේල වික්රම