ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්රික්ක 05ක් සඳහා යළිත් නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින් අද පස්වරු 02.00 සිට ක්රියාත්මක වන පරිදි ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව මහනුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්රික්ක සඳහා මෙම නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත.