විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මියයෑමේ සිදුවීම පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන මෙම නායකත්ව පුහුණු වැඩමුළු අදාළ පරීක්ෂණ අවසන් වනතුරු නතර කිරීමටද නියෝග කර තිබේ.
හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගියදා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේදී පැවැති පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකට ලක්වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය.
අනතුරින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පති රෝහිණී අතපත්තු මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මීට පෙර රන්ටැඹේ සහ කුඩාඔය පැවැති මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් සඳහාද සහභාගි වී ඇති අතර, කැඩෙට් නිලධාරිනියක ලෙසද කටයුතු කර තිබේ.