රත්නපුර මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල නාය යාම් අවදානම් පවතින ස්ථාන තවදුරටත් හඳුනා ගනිමින් සිටින බවත් නාය යාමේ අවදානම් පවතින ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ මෙහෙයුම් පුළුල් කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාම් යාම් අංශයේ ප්‍රධානී ආර් එම් එස් බණ්ඩාර මහතා පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ආචාර්යවරුන් මෙන්ම සිසුන් ද ඒ සඳහා එක්ව සිටින බවද හෙතෙම සදහන් කළේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් නාය යාමේ අවධානමක් පවතින බවට සැක කෙරෙන ස්ථාන 636ක් අද වන විට හඳුනාගැනීමට හැකිව තිබේ.