නාය අවදානම් කලාපවල පවුල් 660ක් දැඩි අවදානමට
මහනුවර දිස්ත්‍රික්කය තුළ පාසල් 18ක් අවදානම් කලාපවල
නායයෑමේ අවදානමකට ලක්ව තිබෙන දිස්ත්‍රික්ක 10 ක අවදානම් කලාපවල පවුල් 3000 කට අධික ප්‍රමාණයක් පදිංචිව සිටින බවත්, එම ප්‍රමාණයෙන් පවුල් 660 ක් දැඩි අවදානම් කලාපවල පදිංචි සිටින බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කය තුළ පාසල් 18 ක්ද අවදානම් කලාපවල පිහිටා තිබෙන බවත්, එම පාසල් 18 සුරක්ෂිත කිරීම සඳහා රුපියල් මිලියන 900 ක වියදමින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ බවත් ඒ මහතා පවසා සිටියේය.
අනෙකුත් අවදානම් කලාපවල පිහිටි පාසල් සුරක්ෂිත කිරීම සඳහා තවත් රුපියල් මිලියන 200 ක් වියදම් කර විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
අවදානම් ස්ථානවල පදිංචි පිරිස් ආසන්නයේ ඇති ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත්, අනාරක්ෂිත වී ඇති ස්ථාන ආරක්ෂිත ස්ථාන බවට පත්කිරීමට හැකි තාක්ෂණය පවා මේ වනවිට ලංකාව සතුව පවතින බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම තාක්ෂණය භාවිත කර මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 18 ම එම ස්ථානයේ පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරන බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
නිවාස ඉදිකිරීමේදී ආරක්ෂිත ස්ථානවල නිවාස ඉදිකරන ලෙසට සිදුකළ දැනුම්දීමට අනුව මේ වනවිට නිවාස 29,000 කට අධික ප්‍රමාණයක් ඉදිකර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

