මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපත හා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවත්,කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, කෑගල්ල, මාවනැල්ල සහ ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය අදාළ වන බවදඔහුසඳහන් කළේය.