පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාව වනවිටත් බන්ධනාගාරය සූදානම් කර තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ආණ්ඩුවේ ඇමතිවරුන් පැය 48 කට පෙර ප්රකාශ කළ බවත්, අධිකරණය මුහුණදී ඇති කනගාටුදායක තත්ත්වය ඉන් පෙනීයන බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඉදිරියේදි මෙවැනි අත්අඩංගුවට ගැනීම් තවත් සිදුවිය හැකි බවද මන්ත්රීවරයා අවධාරණය කළේය.