පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා භාවිත කළ බව කියන මෝටර් රථයක් කඩුවෙල ප්‍රදේශයේදී පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් සොයාගෙන තිබේ. Ford Mustang වර්ගයට අයත් මෝටර් රථයක් මෙසේ සොයාගෙන ඇති අතර 2010 වසරේ මෙය ඔහු භාවිත කර ඇති බවටද තොරතුරු අණාවරණය වෙයි.
කෙසේ වෙතත් මෙම මෝටර් රථය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් රුපියල් ලක්ෂ 80ට අලෙවි කළ බවත් එහි වත්මන් හිමිකරුවා ව්‍යාපාරිකයෙකුද බවද වාර්තා වෙයි. රථය අලුත්වැඩියා කිරීමක් සඳහා කඩුවෙල ප්‍ර දේශයට රැගෙන විත් තිබියදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බාරයට ගෙන තිබේ.
Ford Mustang වර්ගයේ මෝටර් රථයක්