පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව තරගකිරීමේ සාකච්ඡා කඩාකප්පල් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ මහත්වරුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (13දා) කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් එකඟ වී සිටියද, අවසානයේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා එම එකඟතා බිඳ දමමින් සාකච්ඡා අසාර්ථකවන තැනට කටයුතු කළ බවද අමාත්‍යවරයා කීවේය.
ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග එකතුවන බවද අමාත්‍යවරයා කීවේය.
පක්ෂය එකතුකිරීමේ අවසන් සාකච්ඡාවද අසාර්ථක බවත්, එසේ වුවද පක්ෂය එකතුකිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා කැපවී සිටින බවත් අමාත්‍යවරයා කීවේය.